දේශබන්දු ගැන හොයන කමිටුවට අගමැතිනි හරිනියි විපක්ෂනායක සජිතුයි එකතු වෙලා නීල් ඉද්දවෙල නම් කරයි!  I Sri Lanka Latest News

0
8


වැඩ තහනමට ලක්වී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව විමර්ශන සිදුකිරීම සඳහා පත් කිරීමට නියමිත කමිටුවේ සාමාජිකයෙකු සඳහා නම් ලබාදෙන ලෙස කථානායකවරයා විසින් අග්‍රාමාත්‍යවරියට සහ විපක්ෂනායකට කළ දැනුම් දීමට අනුව විනිසුරු නීල් ඉද්දවෙල මහතා ඊට නම් කර ඇති බව වාර්තා වෙනවා.Sri Lanka Latest News

ස්ථාවර නියෝග අනුව අදාළ කමිටුව සඳහා අග්‍රාමාත්‍යවරිය සහ විපක්ෂනායකගේ එකඟතාව මත සාමාජිකයෙකු පත්කළ යුතුයි.

මෙම කමිටුවේ සාමාජිකයින් තිදෙනෙකු පත්කළ යුතු අතර තවත් සාමාජිකයෙකු අගවිනිසුරුවරයා විසින් නම් කළ යුතුව තිබෙනවා.

එමෙන්ම කමිටුවේ ස්ථීර සාමාජිකයෙකු ලෙස පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා කටයුතු කරනු ඇති.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here