දේශබන්දු අද මාතර අධිකරණයට

0
14


රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින වැඩතහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි නඩුව අද (03) යළි කැඳවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඔහු අද (3) දුම්බර බන්ධනාගාරයේ සිට මාතර අධිකරණය වෙත විශේෂ ආරක්ෂාවක් යටතේ රැගෙන යාමට නියමිත බවයි වාර්තා වන්නේ.

2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා මාතර වැලිගම හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමකදී මනුෂ්‍ය ඝාතනයකට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට මොහු ඇතුළු 08 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස පසුගිය පෙබරවාරි මස 27 වනදා අධිකරණය නියෝග කළා.

එම නියෝගය නිකුත් කර දින 20ක කාලයක් සැඟව සිටීමෙන් අනතුරුව දේශබන්දු තෙන්නකෝන් පසුගිය මාර්තු මස (19)වන නීතිඥවරුන් විශාල පිරිසක් සමඟ අධිකරණයට භාර වුණා.

ඒ අනුව තෙන්නකෝන් පසුගිය මාර්තු මස 20 වනදා යළි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here