දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට අදාළ කමිටුව පත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට අද (08) පස්වරුවේ ඉදිරිපත් කෙරුණා.
එම යෝජනාව සම්මත වූ අතර එකී යෝජනාව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලී හේමචන්ද්‍ර මහත්මිය විසින් ඉදිරිපත් කරනු ලැබුවා.
එහිදී පැවති ඡන්ද විමසීමේ දී එය ඒකමතිකව සම්මත වුණා.
විෂමාචාරය සහ ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් ඒ මහතා ධුරයෙන් ඉවත් කිරීම සඳහා මෙම පරීක්ෂණ කමිටුවක් පත්කළ යුතු බවට මන්ත්‍රීවරිය විසින් පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් යෝජනා කළා.
Saru FM Media