දේශබන්දුට ජීවිත තර්ජන තියෙනවද? පොලිසියෙන් විශේෂ විමර්ශනයක්…

0
6


අධිකරනය මගින් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ජීවිත තර්ජනයක් පවතින්නේද යන්න තහවුරු කර ගැනීමට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.
‍පොලීසිය සඳහන් කළේ, අදාළ තොරතුරුවල සත්‍ය අසත්‍යතාව පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක බවය.
ඒ සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය විසින් දේශබන්දු තෙන්නකෝන්ට දැනුම්දීමක්ද කර තිබේ.
පොලිසියට තොරතුරු වාර්තා වී ඇත්තේ, ප්‍රබල අපරාධ කල්ලියක් එලෙස දේශබන්දු තෙන්නකෝන්ට ජීවිත තර්ජන එල්ල කර ඇති බව යැයිද වාර්තා වේ.

දේශබන්දු තෙන්නකෝන්, මාතර – වැලිගම ප්‍රදේශයේ පිහිටි “W15” හෝටලයට 2023 වසරේදී වෙඩි වෙඩි තැබීමේ සිද්ධියට අදාළ නඩුවේ ප්‍රධාන චූදිතයෙකු වන අතර ඔහු එවක වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කළේය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here