Friday, May 9, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් දේශබන්දුට ඇප

දේශබන්දුට ඇප

0
11


 බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ට ඇප ලබාදී තිබෙනවා.

ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප ලබා දීම සිඳු කර තිබේ .
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් , රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02ක් මත විත්තිකරු මුදා හැරීමටයි නියෝග කර තිබේ .
2023 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකදී මනුෂ්‍ය ඝාතනයකට කුමන්ත්‍රණය කිරීමේ සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට චෝදනා එල්ල වී තිබිණි .
ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමෙන් පසු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණු අතර අද ( 10 ) ඇප ලබා දීම සිඳු කෙරිණි .



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here