දේශබන්දුගේ චෝදනා සම්බන්ධව විමර්ශන කමිටුවට සාමාජිකයින් පත් කිරීම ලබන සතියේ

0
11


මේ වනවිට සේවය අත්හිටුවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි චෝදනා සම්බන්ධව විමර්ශනය කිරීමට පත්කරන කමිටුවට සාමාජිකයින් ලබන සතියේ පත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

මෙම කමිටුව සඳහා අගවිනිසුරුවරයා විසින් විනිසුරුවරයෙකු, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා යන දෙදෙනාගේ එකඟතාවෙන් යුත් වෘත්තිකයෙකු ද පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඊට අමතරව මෙම කමිටුවට පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා අනිවාර්ය සාමාජිකයෙකු ලෙස පත් කළ යුතු වනවා.

මෙම කමිටුව ස්ථාපිත කළ වහාම අදාළ විමර්ශන කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි චෝදනා විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අදාළ යෝජනාව පසුගිය 08 වනදා පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here