
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීමේ චෝදනාවට අදාළව මහර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී ඇත.
මෙම සිද්ධියට සම්බන්ධ විමර්ශනවලදී රණවීර මහතාව අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කර තිබූ අතර, පෙරේදා විභාගවූ නඩු විභාගයේදී ඔහු දිගින් දිගටම සමැගව සිටින නිසා බංකු ගිනුම් , ඉඩම් වාහන ඇතුළු දෙපළ විමසා ඒවා තහනම් කරන්නට උපදෙස් අධිකරණය නිකුත් කර තිබුණි.ඒ නියෝගයෙන් දින දෙකකට පසු ඔහු අධිකරණයට භාර වී ඇත.
මෙම ව්‍යාජ ඉඩම් ගනුදෙනුවට අදාළව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු අනෙක් සැකකරුවන් හතර දෙනෙකු තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබා ගැනීමට අධිකරණය නියෝග කර තිබේ.
මහර අංක 01 අධිකරණයේ මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය විසින් පෙරේදා (05) පස්වරුවේ හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර සහ කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රොයි පෙරේරා යන දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කරන ලදී. මෙම දෙදෙනා කිරිබත්ගොඩ නගරයේ ඉදි කිරීමට රජයට පවරා ගෙන තිබූ ඉඩමකට කූට ලේඛන සකස් කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇත.
මෙම සැකකරුවන් දිගින් දිගටම අධිකරණය මගහර්මින් සැඟවී සිටින බැවින්, ඔවුන්ගේ බැංකු ගිණුම් හා වාහන ලියාපදිංචි තොරතුරු පිළිබඳව වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස අදාළ බැංකු ආයතනවලට හා මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාට ද අධිකරණය විසින් නියෝග කර ඇත.
එම නඩුවට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නවීන් වීරකෝන්, හිටපු ඇමැති මර්වින් සිල්වා, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උපසභාපති වෛද්‍ය ජයන්ත සිංහබාහු කබ්රාල් හා හිටපු ඇමැති මර්වින් සිල්වාගේ එවකට පාර්ලිමේන්තු කටයුතු හිටපු ලේකම් දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් යන හතර දෙනා තවදුරටත් මෙම 19 වැනිදා දක්වා රිමාන්ඩ් කර තැබීමට ද මහේස්ත්‍රාත්වරිය නියම කර තිබේ.
“එම වරෙන්තු වාර්තා අනුව එම දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා ඔවුන් පදිංචි නිවෙස්වලට ගොස් සෝදිසියට ලක් කළා. එහෙත් ඔවුන් ප්‍රදේශය හැර ගොස් සිටින බවට අපට අනාවරණය වුණා. ඔවුන්ගේ දුරකතන ද විසන්ධි කරලා. සැකකාර හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර නිතර අම්පාර, දමන ප්‍රදේශයට යන එන බවට තොරතුරු ලැබුණා. ඒ අනුව එම ප්‍රදේශයටත් ගොස් සෝදිසි කළා. එහෙත් හමුවුණේ නැහැ,”
යයි පෙරේදා පොලිසිය අධිකරණයට දන්වා තිබුණි.
පොලිස් පරීක්ෂකවරයා තවදුරටත් සඳහන් කළේ මේ සැකකරුවන් විසින් බැංකු 30 ක පමණ ගිණුම් පවත්වා ගෙන යන බවට අනාවරණය වී ඇති බවයි.
“ඒ නිසා එම බැංකු ගිණුම්වල තිබෙන මුදල් හා බැංකු සේප්පුවල තිබෙන මුදල් හා භාණ්ඩ පිළිබඳව වාර්තාවක් ලබා ගැනීම සඳහා ඊට අදාළ බැංකු ආයතනවලට නියෝගයක් නිකුත් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. එම සැකකරුවන්ට අයිති ලියාපදිංචි කර තිබෙන වාහන සම්බන්ධව වාර්තාවක් ලබා ගැනීම සඳහා මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙසට ද අධිකරණයෙන් ඉල්ලා සිටිනවා,”
යැයි ඔහු පැවසීය.
මේ වාර්තා ලබා ගැනීමට අවශ්‍ය වී තිබෙන්නේ ඉදිරියේදී ඔවුන්ගේ දේපළ තහනම් කිරීමට පියවර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින නිසා බව ද ඔහු අධිකරණයට පැවසීය.
මෙම දේපළ තහනම් කරන නියෝගය ක්‍රියාත්මකවීමට පෙර ප්‍රසන්න රණවීර අධිකරණයට භාර වී තිබේ.
Saru FM Media