දෙහිඅත්තකණ්ඩිය සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ පොදු විපක්ෂයට

0
11

අම්පාර දිස්ත්‍රික්කයට අයත් දෙහිඅත්තකණ්ඩිය සීමා සහිත විවිධ සේවා සමුපකාර සමිතියේ බලය සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයට හිමිව තිබේ.

සභාපතිවරයා ඇතුළු නව අධ්‍යක්ෂ මණ්ඩලය තොරා පත්කර ගැනීමේ නිලවරණය ඊයේ (24) සහකාර සමූපකාර කොමසාරිස් නලින් මහි කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ දෙහිඅත්තකණ්ඩිය සමුපකාර පරිශ්‍රයේ දී පැවැත්විණි.   

සමාජිකයින් 72දෙනෙක් නිලවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කළ අතර එහිදී පොදු විපක්ෂයට ඡන්ද 46ක් ද, ජාතික ජන බලවේගයට ඡන්ද 23ක් ද හිමිවිය.

ඉන් ඡන්ද 03ක් ප්‍රතික්ෂේප වූ අතර ඒ අනුව වැඩි ඡන්ද 23කින් සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂය ජයග්‍රහණය කරන ලදී.

ඒ අනුව එහි හිටපු සභාපති වන සමගි ජනබලවේගයේ G.M. ජයවර්ධන මහතා නැවතත් නව සභාපතිවරයා ලෙස තේරීපත් විය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here