දෙවෙනි මනාලියක් වෙන්න ඇරයුමක් ලැබුණොත්..

0
10


මනාලියන් තම විවාහ මංගල උත්සවයට බොහෝ කලකට පෙර  රූපය සුන්දර කර ගැනීම වෙනුවෙන් වෙහෙසෙනවා.  ඒ නිසා ඔබට දෙවෙනි මනාලියක් වෙන්න ඇරයුමක් ලැබුණොත් ඔබත් රුව ඔප් නංවා ගන්න උනන්දු විය යුතුමයි. ඔබේ මිතුරියගේ හෝ සහෝදරියගේ ලස්සන දවසේ ලොකු ඉඩක් ඔබටත් වෙන්ව තිබෙනවා.

ක්ලීනප් කරන්න.

ක්ලීනප් එකකදී සිදු කරන්නේ මුහුණ පිරිසිඳු කිරීම, ටෝනර් ගැල්වීම සහ මොයිස්චරයිස් ක්‍රීම් ගැල්වීමයි. විවාහ උත්සවයට මාස තුනකට පෙර සිට පටන් ගන්න.

ෆේෂල් කරන්න.

ඔබේ මුහුණට ගැළපෙන ෆේෂල් එකක් සිදු කර ගන්න.

අනවශ්‍ය මේදය හා ලබා ගැනීම අඩු කරන්න.

මේදය සහ සීනි සහිත ආහාර ලබා ගැනීම අඩු කරන්න කියන්නේ කෙට්ටු වෙන නිසාම නෙවෙයි. ඔබේ සමේ ඇති ගැටළු රැසක් මඟ හරවන්න මෙයට හැකියාව තිබෙන නිසායි.

සමේ ගැටළු වලට ප්‍රතිකාර ලබා ගන්න.

ඔබට නිවසේ සිටම ඔබේ සමේ ඇති ගැටළු වලට ස්වභාවික ප්‍රතිකර්ම සිදු  කරන්න පුලුවන්. කුරුලෑ ආදිය වැඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.

දෑත් සහ දෙපා ලස්සන කර ගන්න

ඔබේ දෑත් සහ  සුන්දර කර ගැනීමත් වැදගත්. ඒ වෙනුවෙන් මෙනික්‍යු සහ පෙඩික්‍යු කර ගැනීම වැදගත්. ඔබට නිවසේදී වුවත් මේවා සිදු කර ගත හැකියි. මඳ උණුසුම් ජල බේසමකට ඔබේ පාද බහා තබන්න. සෑම දවසකම මෘදු කෙඳි සහිත බුරුසුවක් ගෙන ඔබේ පාද, යටිපතුල් සහ නියපොතු පවිත්‍ර කර ගන්න.
රාත්‍රී නින්දට පෙර ඖෂධීය තෙල් වර්ග ගලවා ඔබේ දෑත් සහ දෙපා සම්බාහනය කරන්න.

හිරු එළියෙන් ප්‍රවේශම් වන්න

හිරු රැස් වලට නිරාවරණය වෙන විට සන් ක්‍රීම් ආලේප කරන්න. සන්ග්ලාස් පැළඳීමටත්, කුඩයක් භාවිතා කරන්නටත් අමතක කරන්න එපා.

සමේ ඇති අනවශ්‍ය රෝම ඉවත් කරන්න

සම මත ඇති අනවශ්‍ය රෝම ක්‍රමානුකූලව ඉවත් කර ගන්න..



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here