දෙවුන්දර ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට

0
21


දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේදී පසුගිය 21 වනදා තරුණයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, එම සැකකරුවන් නීතිඥවරු දෙදෙනෙකු සමඟ ගන්දර පොලිස් ස්ථානයට ඉදිරිපත් වීමෙන් අනතුරුවයි. 

මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ. 

සැකකරුවන් අවුරුදු 26 සහ 35 වයස්වල පසුවන ගන්දර සහ දෙවිනුවර ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.  

මේ අතර හික්කඩුව පොලිස් වසමේ කුමාරකන්ද ප්‍රදේශයේ මාර්ගය අසල නිමි ඇඳුම් වෙළෙඳසැලක් ආසන්නයේ රැඳී සිටි කාන්තාවකට හා පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, හික්කඩුව පොලිස් වසමේ ගිනිමැල්ලගමහ ප්‍රදේශයේදීයි. 

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 23ක් වන ගෝනපීනුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

පසුගිය 03 වන දින හික්කඩුව පොලිස් වසමේ කුමාරකන්ද ප්‍රදේශයේ මාර්ගය අසල නිමි ඇඳුම් වෙළඳසැලක් ආසන්නයේ රැඳී සිටි කාන්තාවකට හා පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබනු ලැබුවා. 

ඔවුන් දෙදෙනා බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී පිරිමි පුද්ගලයා පසුව ජීවිතක්ෂයට පත් වුණා.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here