දෙවිනුවර ද්විත්ව ඝාතනයට අවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

0
13


දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේදී පසුගිය 21 වනදා තරුණයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 ඒ, එම සැකකරුවන් නීතිඥවරු දෙදෙනෙකු සමඟ ගන්දර පොලිස් ස්ථානයට ඉදිරිපත් වීමෙන් අනතුරුවයි. 

මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ. 

සැකකරුවන් අවුරුදු 26 සහ 35 වයස්වල පසුවන ගන්දර සහ දෙවිනුවර ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here