දෙව්මි විහංගා එක්දින කාන්තා ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියයි

0
6


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින තරගයක දී කඩුලු 05ක් දවාගත් පස්වැනි පන්දු යවන්නිය බවට දෙව්මි විහංගා අද (09) දිනයේ දී පත් වුණා.

ඒ මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේ දී පන්දුවෙන් දස්කම් දක්වමින්.

තරගය අද පෙරවරු 10ට ආරම්භ වූයේ කාසියේ වාසිය නායිකා චමරි අතපත්තුට හිමිකර දෙමින්.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීමේ අවස්ථාව සිය ප්‍රතිවාදීන්ට ලබාදීමටයි.

මේ වනවිට දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 101ක් ලබා සිටින්නේ 22 වැනි පන්දු වාරය ක්‍රියාත්මක කරමින්.

දෙව්මි විහංගා තමන් ක්‍රියාත්මක කළ පන්දුවාර 07 තුළ ලකුණු 22ක් පමණක් ලබා දෙමින් කඩුලු 05ම බිඳ දැමීමට සමත් වුණා.

ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර මේ දිනවල තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම වේලාසනින් ම ඉන්දියාව සමග අවසන් සටනට ද සුදුසුකම් ලබා සිටිනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here