දෙව්මි අනාවැකි සඵල කරයි

0
3


නිශ්මං රණසිංහ මැයි 02, කොළඹ LNW:

LNW බොහෝ කාලයකට පෙර සිට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට දෙව්මි විහංගාගේ දායකත්වය වැදගත් වනු ඇතැයි පැවසීය.ඇය ප්‍රථම වරට මේ මොහොතේ ක්‍රියාත්මක වන කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා සංචිතයට නම් කරන ලද අවස්ථාවේදීත් අපි ඒ ගැන සිහිපත් කළෙමු.

එම තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන එක්දින තරගයේදී දෙව්මි දකුණු අප්‍රිකාවට එරෙහිව ජාත්‍යන්තර වරම් දිනාගත්තාය.ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු කාසියේ වාසිය ලබා ගැනීමෙන් පසුව පළමුව පන්දුවට පහර දීමට දකුණු අප්‍රිකාවට ආරාධනා කළාය.

දෙව්මි,අප ඇය සම්බන්ධයෙන් පැවසූ තුන් ඉරියව් අනාවැකියෙන්,එක් කොටසක් නිවැරදි බව සපත කරමින් මේ වන විටත් ක්‍රියාත්මක තරගයේ දකුණු අප්‍රිකානුත් පිතිකාරිනියන්ට හිසරදයක් වෙමින්,ලකුණු හතළිස් එකකට කඩුලු තුනක් දවා ගන්නට සමත් වී ඇත.

ප්‍රහාරාත්මක පිතිකාරණයකද වන දෙවුමි,පිතිකරණයේදීද ඉහළ දස්කම් දක්වා අපගේ අනාවැකීය තව දුරටත් තහවුරු කරනු ඇතැයි අපි විශ්වාසයෙන් බලා සිටින්නෙමු.

http://www.sportwaynews.com/



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here