දෙවන ආසියානු යෝගාසන ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පදක්කම් රැසක්

0
7


දෙවන ආසියානු යෝගාසන ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පළමුවරට සහභාගී වූ කණ්ඩායම රිදී පදක්කම් 07ක් සහ ලෝකඩ පදක්කම් 11ක් දිනා ගෙන තිබෙනවා. 

මෙම තරගාවලියට ආසියානු රටවල් 21ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 252 දෙනෙකු සහභාගී වුණා. 

තරගාවලිය ඉන්දියාවේ නවදිල්ලි නුවර, ඉන්දිරා ගාන්ධි ක්‍රීඩාංගණයේ දී පැවැත් වුණේ ඉකුත් 25 දින සිට 27 දින දක්වායි.

මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 13 දෙනෙකු සහභාගී වුණා. 

ඔවුන් අතරින් 10 දෙනෙකුම මෙම තරගාවලියේ දී පදක්කම් දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයක්. 

එමෙන්ම ඔවුන් සියලු දෙනාම පාසල් සිසුන් වීමද කැපී පෙනෙනවා. 

මෙම ජයග්‍රාහි ක්‍රීඩකයන් පිරිස අද පෙරවරුවේ මෙරටට පැමිණියා.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here