මවුපියන් අතර ඇති වූ ආරවුලකට මැදි වූ නව හැවිරිදි දැරියක දැඩි පිළිස්සුන් තුවාල සහිතව පේරාදෙණිය ළමා රෝහලට ඇතුළත් කර ඇති බව පරීක්ෂණ පවත්වන ගලහා පොලිසිය පවසයි.
ගම්පොළ පොලිස් වසමේ ගලහා ඔෆිස් හන්දියේ භාවනා මධ්‍යස්ථාන පාරේ පදිංචි ගලහා ආදර්ශ පාසලේ හතර වසර පන්තියේ ඉගෙනුම ලබන දැරියක මෙම අනතුරට මුහුණපා තිබේ.
මෙම නිවසේ දෙමව්පියන් ඇති කරගත් ආරවුලකින් පසු ටිනර් හලා ගිනි තැබීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව හෙළි වී තිබේ.
Saru FM Media









