දෙමාපියන්ට තදින්ම දැනෙන තවත් ගාස්තුවක් ඉහළට..

0
2

රෂිකා හෙන්නායක මාර්තු 10, කොළඹ LNW :

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් පාසල් සිසුන් ප්‍රවාහනය කරන රථවල ගාස්තු සංශෝධනය කිරීමට සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය තීරණය කර ඇත.

ඒ අනුව අද (10) දින සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රවාහන ගාස්තු සියයට පහක ප්‍රතිශතයකින් ඉහළ දැමීමට එම සංගමයේ සභාපතිවරයා නිල වශයෙන් නිවේදනය කළේය.

මීට පෙර කිහිප වතාවක්ම තෙල් මිල ඉහළ ගියත් ගාස්තු වැඩි නොකළ නමුත්, මෙවර රුපියල් 22 ක වැඩිවීම හමුවේ මෙම තීරණය අනිවාර්ය වූ බව ඔහු පවසයි.

මෙම තීරණයට එළැඹී ඇත්තේ අනෙකුත් ප්‍රවාහන සංගම් සමඟ පවත්වන ලද සාකච්ඡා මාර්ගයෙන් පසුවය.

ඒ අනුව, මෙම නව මිල සංශෝධනයත් සමඟ මවුපියන්ට තම දරුවන්ගේ ප්‍රවාහන වියදම් සඳහා අමතර මුදලක් ගෙවීමට දැන් සිදුවනු ඇත.

The post දෙමාපියන්ට තදින්ම දැනෙන තවත් ගාස්තුවක් ඉහළට.. appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here