දෙමටගොඩින් ආයුධ හමුවේ

0
2

දෙමටගොඩ බේස් ලයින්පාරේ කැලණිවැලි දුම්රිය මාර්ගය අසල පාළු නිවසක සඟවා තිබී ආයුධ කිහිපයක් සොයා ගැනේ . බම්බලපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.
මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ යොදන දේශිය නිෂ්පාදිත ගිනිඅවියක්, ජීව උණ්ඩ දෙකක් සහ ටී 56 මැගසිනයක් එම වැටලීමේදී සොයාගෙන ඇත .
බොරැල්ල වනාත ප්‍රදේශයේ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් වන වනාතමුල්ලේ දුමින්ද සහ චතුගේ පාර්ශ්ව අතර පවතින ගැටුම්කාරි තත්ත්වය මත කිසියම් තැනැත්තෙක් ඝාතනය කිරීමට මෙම ආයුධ සඟවා සිටින්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here