දෙපා ඉදිමීමෙන් හෙළි වන ඔබේ සිරුරේ සැඟවුණු භයානක රෝගාබාධ

0
12


මුහුණේ පෙනුම ගැන හිතන්න ගොඩක් දෙනා හුරු වෙලා සිටියත් තමන්ගේ දෙපයේ පෙනුම ගැන මෙන්ම දෙපයේ සිදුවන වෙනස්කම් ගැන වැඩිය සැලකිලිමත් වෙන්නේ නැහැ. මේ අතරින් ඔබේ සෞඛ්‍යය ගැන ඔබට රතු සංඥාවක් නිකුත් කරන දෙපා වල ඇතිවන ඉදුමුම් ස්භාවය ගැනයි අද අපි කතා කරන්නෙ.

දෙපා වල පෙනුමේ පෙරට වඩා වෙනස්කම් ඇති වෙනවා නම්,දෙපා වල සංවේදීතාවයේ වෙනස්කම් ඇති වෙනවා නම් ඒ ගැන ඔබ සැලකිලිමත් විය යුතුමයි. මන්ද
ඒ බරපතල රෝග ගණනාවක රෝග ලක්ෂණ ඔබේ දෙපාවල සැඟවිලා තියෙන්න පුළුවන් නිසයි.. ඒ නිසා අද අපි හිතුවා දෙපාවල සිදුවන එවැනි වෙනස්කම් මගින් හෙලිකරන ඔබේ ලෙඩ රෝග ගැන මේ ලිපියෙන් ඔබව දැනුවත් කරන්න .

රෝග ලක්ෂණ – කකුල් ඉදිමීම, කකුලේ වේදනාව

වකුගඩු නිසි ලෙස ක්‍රියා නොකරන්නේ නම්, අතිරික්ත ජලය ශරීරයෙන් පිටවීමට දුෂ්කරතා ඇති වෙනවා. මේ නිසා කකුල්වල ඉදිමීම ඇතිවෙනවා. ඔබේ ඇස් අවට ප්‍රදේශය ඉදිමී තිබේ නම් හෝ ඔබේ සමහර අවයවවල විද්‍යුත් කම්පනයකට සමාන වේදනාවක් දැනේ නම්, මෙයද එවැනි වකුගඩු ගැටලුවක ලක්ෂණයක් වෙන්න පුළුවන්.

රෝග ලක්ෂණ – දෙපා ඉදිමීම, බර ගතිය, අවපැහැ ගැන්වීම

ශිරා හිඟකම ඇතිවිට, රුධිරය අවයව වල සිට හදවතට ගමන් කිරීම දුෂ්කර වේ. ශිරා දුර්වල වූ විට හෝ හානි වූ විට මෙය සිදු වේ. මෙය දෙපා ඉදිමීමට හේතු වේ. වළලුකර ප්‍රදේශයේ ඉදිමීම වැඩි වශයෙන් සිදුවන අතර පසුව දෙපා අවපැහැ වීම හා කකුල් වල බර ගතිය ද ඇතිවේ.

රෝග ලක්ෂණ – දෙපා ඉදිමීම, දිගු වෙලා පවතින වේදනාව

මෙම අවස්ථාවේදී, හෘද කුටීර එකක හෝ දෙකක රුධිරය ඵලදායි ලෙස පොම්ප කිරීමේ හැකියාව නැති වේ, එම නිසා එය පහළ අවයවවල එකතු වේ. දෙපා ඉදිමෙන අතර වේදනාව ද ඒ සමඟම පැමිණේ.

රෝග ලක්ෂණ – දෙපා ඉදිමීම, දෙපා වල උණ, සමේ වර්ණය වෙනස් වීම, මහන්සි ගතිය, වේදනාව

කකුල් එකක් හෝ දෙකම ඉදිමීම බරපතල රුධිර කැටිගැසීමක් සංඥා කළ හැකිය. මෙම ගැටළුව ඉතා භයානක ය, මරණීය විය හැකිය. ඔබට එය තිබිය හැකි යැයි ඔබට හැඟේ නම්, වහාම වෛද්‍යවරයකු වෙත යන්න.

රෝග ලක්ෂණ – දෙපා ඉදිමීම සහ අධික මහන්සිය

ඔබේ කකුල් වල තත්වය අනුව අක්මාවේ ගැටළු වල මුල් රෝග ලක්ෂණ ඔබට හඳුනාගත හැකිය. ඔබේ අක්මාව අසාමාන්‍ය ලෙස ක්‍රියා කරන්නේ නම්, ඔබේ අත් පා ඉදිමීම ආරම්භ වන අතර මකුළුදැලක් ලෙස නහර මතුවීම දැකගත හැකිවේ.

රෝග ලක්ෂණ – දෙපා ඉදිමීම, මාංශපේෂි තද වීම, සීතල දැනීම

සමහර තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටළු හඳුනා ගැනීමට ද පාදයේ මෙම ඉදිමුම් තත්ත්වයන් උපකාරී වනවා. ඉහත දක්වා ඇති රෝග ලක්ෂණවලින් එය පහසුවෙන් හඳුනවා

රෝග ලක්ෂණ – සම සුදුමැලි වීම, වේදනාව, මාංශපේෂි දුර්වල වීම

ධමනි සිහින් වන විට පාදවලට සැපයෙන රුධිරය ඉතා අවම වන අතර එමනිසා ඒවා සුදුමැලි වී වේදනාවක්ද ඇති වනවා. බොහෝ අවස්ථාවන්හීදී, පුද්ගලයන් ධමනි සිහින් වීමේ රෝග ලක්ෂණ නොසලකා හරිනවා. කෙසේ වෙතත්, මෙම රෝගය බරපතල බව කිසිවිටෙකත් අවතක්සේරු නොකළ යුතුයි.

රෝග ලක්ෂණ – දෙපාවලට ඉදිකටුවකින් අනිනවා වැනි හැඟීම, දෙපා වල තුවාල සුව නොවීම

දියවැඩියාව ඇති විට, පාදයේ ඉතා සුළු තුවාල පවා බරපතල ප්‍රතිවිපාක ගෙන දෙන්න පුළුවන්. මෙහිදී පාද සුව කිරීම අත්‍යාවශ්‍ය වනවා. මෙම රෝගයේදී බොහෝ විට ස්නායු හානි වීම් ඇති වනවා. නමුත් රෝගියාට වේදනාවක් දැනෙන්නේ නැති අතර කුඩා තැලීමක් තුවාලයක් බවට නොදැනීම පත්වනවා .

රෝග ලක්ෂණ – දෙපා ඉදිමීම, දෙපා වල දුර්වල ගතිය, මාංශපේෂි තදවීම

ගැබ් ගැනීම රෝගයක් නම් නොවේ. කෙසේ වෙතත්, ඔබේ කකුල්වල යම් යම් වෙනස්කම් මගින් ඔබට එය කලින් හඳුනා ගන්න පුළුවන්.මෙහිදී ඔබේ දෙපා සහ දෑත් වේදනාවත් සමඟ ඉදිමීම ඇතිවෙනවා.

ඒ අනුව ඔබට හොඳින්ම වැටහෙනවා ඇති ඔබේ පාදවල වේදනාව ඉදිමීම කිසිම ලෙසකින් නොසලා හැරිය යුතු කාරණාවක් නොවන බව.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here