පුංචි පුංචි දබර කිරීම් තමා දුරදිග ගිහින් දෙදෙනෙක්ගේ වෙන්වීම දක්වාම යන්නේ … ඒත් ඔබට ඕනා වෙන් වන්න නෙවේ. එක්ව සිටින්නයි. එහෙම නේද ? නිශාන් සහ සමීරා අලුත විවාහ වුන දෙන්නෙක්. දෙදෙනාම වසර ගණනාවක් ආදරය කරලයි විවාහ වුණේ. ඒත් විවාහ වී පළමු මාසය තුළම ඔවුන් දෙදෙනා අතර බොහෝ රණ්ඩු සරුවල් ඇතිවෙන්න පටන් ගත්තා. බේරුමක් කරගන්න බැරි තරමට සියල්ල අවුල් වෙද්දී දෙදෙනා වෙන් වන්න තීරණය කළා. නමුත් … අප සිතන තරම් වෙන් වීමත් පහසු නැහැ. ප්‍රායෝගික ජීවිතය අවුල් වුණත් මානසිකව දෙදෙනාම ඉතාමත්ම සමීපව සිටියා. ඒ නිසා ඔවුන් දෙදෙනා මෙන්න මෙහෙම එකඟතා කිහිපයකට පැමිණියා.
ලොකු දේවල් නොවේ වගේ පෙනුණත් මේ සියලුම දේවල් ක්‍රියාත්මක කිරීම දෙදෙනාටම පහසු වුණේ නැහැ. එහෙත් ඔවුන් දෙදෙනාටම ඔවුන් දෙදෙනාව අවශ්‍ය නිසා ඒ කැපවීම, කරන්නට දෙදෙනාම ගිවිස ගත්තා. ඉක්මනින්ම ඔවුන් දෙදෙනා තේරුම් ගත්තා ආදරයේදී, ආදරණිය අවස්තාවලදී තමන් දෙදෙනාම එකකු ලෙස සිතුවත් සැබෑ දිවියේදී තමන් දෙදෙනා වෙනස් දෙදෙනෙක් බවත් අනෙකාගේ කැමැත්තට ගරු කළ යුතු බවත්. ඒ වගේම ආදරය කියන්නේ අනෙකාව පහසුවට පත් කිරීම බවත්. ඉතින් ඒක එහෙම නේද ?
– ඉරේෂා –
Saru FM Media