දෙදිනකට සුරාසැල් වැසේ

0
4

සිංහල හා හින්දු අලුත් අවු­රුදු යෙදෙන ලබන 13 සහ 14 දෙදින සිය­ලුම සුරා­සල් වසා තැබෙන බව සුරා­බදු කොම­සා­රිස් ජන­රාල් එම්.බී.එන්.ඒ. පේම­රත්න මහතා පව­සයි.

රජයේ අනු­මැ­තිය ඇතිව සිංහල අවු­රුදු සමයේ සුරා­සල්, රට­බීම හල්, හෝටල් ආප­ණ­ශාලා හා කැරෝකි ආපණශාලා හිමි­යන් මත්පැන් අලෙවි කිරීම සඳහා බල­පත්‍ර ලබා­ගත් ස්ථාන සියල්ල ඒ අනුව මේ දෙදින වසා තැබේ.

නමුත් කිසි­යම් බල­ප­ත්‍ර­ලා­භි­යකු සුරා­බදු නීතිය කඩ කර­මින් අදාළ දෙදින මත්පැන් අලෙවි කර හසු­වුව හොත් නීතිය දැඩිව ක්‍රියා­ත්මක කරන බවද පේම­රත්න මහතා පැව­සු­වේය.

සුරා­සල් වසා තැබෙන දවස් දෙකේදී කිසි­යම් මත් ජාවා­ර­මක් සිදු වන්නේ නම් 1913 දුර­ක­තන අංක­යට දැනුම් දෙන ලෙසද හෙතෙම කීවේය.

සිංහල හා හින්දු අවු­රුදු සමයේ නීතිවිරෝධි මත් ජාවා­ර­ම්ක­රු­වන් නීතියේ රැහැ­නට ගැනීම සඳහා ගාල්ල, අනු­රා­ධ­පුර, නුවර‍, කුරු­ණෑ­ගල හා දීප­ව්‍යාප්ත සුරා­බදු විශේෂ මෙහෙ­යුම් ඒක­ක­වල සිටින සුරා­බදු නිල­ධා­රීන් සීරු­වෙන් සිටින බවද සුරා­බදු කොම­සා­රිස් ජන­රාල් එම්.බී.එන්.ඒ. පේම­රත්න මහතා වැඩි­දු­ර­ටත් පැව­සු­වේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here