දෙතොල් අවපැහැ වෙන්නේ මේ හේතු නිසයි.

0
12


මුහුණේ ලස්සනට බලපාන ප්‍රධාන කාරණාවක් විදියට ලස්සන තොල් යුගලක් හඳුන්වන්න පුලුවන්. ඒත් බොහෝ තරුණියන් ට තියන ගැටලුවක් තමයි තොල් අවපැහැ ගැන්වීම. මෙහෙම වෙන්න බලපාන හේතු ගණනාවක් තියෙනවා. අපි අද ඒ ගැන ඔබට කියන්න හිතුවා.ඒ වගේම අවපැහැ වුන දෙතොල් පැැහැපත් කර ගත හැකිි සත්කාර ගැනත් ඔබට දැන ගන්න පුලුවන්.

තොල් ආලේපන භාවිතයේදි මේ අතපසු වීම්  සිදුවනවා නම් වහාම ඒ ගැන සැලකිලිමත් වීම ඔබේ දෙතොල් වල සුන්දරත්වය රැකගැනීම සදහා වැදගත් වේවී.

තොල් පැලෙන්න, වේලී යන්න සහ අවපැහැ ගැන්වීමට වතුර නොබීමත් ලොකු හේතුවක්.ඒ නිසා ඔබේ සිරුරට අවශ්‍ය තරමට ජලය පානය කිරීම අතිශය වැදගත්.

 ඔබ පානය කරන පාන වර්ග අධික උණුසුමින් යුතු නම් එය ඔබේ දෙතොල් අවපැහැ ගැන්වෙන්න හේතුවක් වෙනවා.මේ නිසා උණුසුම් පාන වර්ග මදක් නිවෙන්නට තබා පානය කිරීම ඉතා වැදගත්.

සිගරට් බීම නිසා විවිධ සෞඛ්‍ය ගැටලු ඇති වෙනවා වගේම එය ඔබේ තොල් දුර්වර්ණ කරන්නත් ලොකු හේතුවක්.

සමහර රෝග හඳුනා ගැනීමටත් වේලී ගිය සහ පැලුණු තොල් හේතුවක් වෙනවා.නිතරම තොල් වේලි යනවා සහ පැලෙනවා නම් වෛද්‍ය උපදෙස් ගැනීම හරිම වැදගත්.

අපි මේ කියන්නෙ ඔබට නිවසේදීම කල හැකි ප්‍රතිකාර කිහිපයක් , මේ ප්‍රතිකාර එක දිගට යම් කාලයක් කිරීමත්, ඉහත දේවල් හැකිතාක් සිදු නොකිරීමට වග බලා ගැනීමත් ඉතාම වැදගත්.

මේ වගේ ප්‍රතිකාර වලින් ඔබේ තොල් නැවත සුන්දර කර ගන්න ඔබට හැකියාව ලැබෙයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here