දෙටු – කණිටු වොලිබෝල් ජාතික සංචිත පිහිටුවීමට සුදුස්සන් තෝරා ගැනීමේ පරීක්ෂණ

0
2

නිශ්මං රණසිංහ ,මාර්තු 04 කොළඹ LNW:

මේ (2026) වසර සදහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් නියොා්ජනය කිරීමට නියමිත ජාත්‍යන්තර තරගාවලි සඳහා ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ කාන්තා සහ පිරිමි කණ්ඩායම් තෝරා ගැනීම සඳහාත්, කණිෂ්ඨ කාන්තා සහ පිරිමි වොලිබෝල් තරගාවලි සඳහා සහභාගී වන කණ්ඩායම් තොරා ගැනීම සඳහාත් වොලිබෝල් සම්මේලනය තෝරා ගැනීමේ පරීක්ෂණ පැවත්වීමට තීරණය කර ඇත.
ජ්‍යෙෂ්ඨ අංශයේ කාන්තා පිරිමි කණ්ඩායම් තෝරා ගැනීම සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීමේ විවෘත පරීක්ෂණ 2026 මාර්තු 17,18, 26 සහ 27 යන දින වලදී වතුපිටිවල ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පෙරවරු 8.30 සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. 2026 පෙබරවාරි 09,10,11 සහ 12 යන දින වලදී වතුපිටිවල ගෘහස්ථ ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලද කණිෂ්ඨ කණ්ඩායම් තෝරා ගැනීමේ පරීක්ෂවලින් සමත් වූ ක්‍රීඩිකාවන් බාලික ක්‍රීඩිකාවන් 24 ක් සහ බාලක ක්‍රීඩකයින් 53 ක් අතරේ පැවත්වෙන දෙවන පරීක්ෂණය පැවත්වෙන්නේ ද වතුපිටිවලදී ම ය.එම තරග පවැත්වෙන අයුරු පහත දක්වා ඇත.

01 කණිෂ්ඨ බාලිකා දෙවන තේරීම් පරීක්ෂණය – 2026 මාර්තු 06 – පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා
02 කණිෂ්ඨ බාලක දෙවන තේරීම් පරීක්ෂණය – 2026 මාර්තු 09 සහ මාර්තු 10 – පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා
මෙම කණිෂ්ඨ තේරීම් තරගවලදී දෙවන පරීක්ෂණය සඳහා සාමාන්‍ය පෙළ විභාගයට සහභාගි වීම හේතුවෙන් සහභාගි වීම මඟ හැරුණු බාලකයන්ට මෙන්ම බාලිකාවන්ට ද අවද්ථාවක් දීමට අවස්ථාව සළසා ඇත.එහෙත් එවැනි තත්ත්වයක් නිසා තේරීම් පරීක්ෂවලට සහභාගි නොවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අනිවාර්යෙන් අදාල දිනයන් වලදී විභාගයට පෙනී සිටින ලද විභාග ප්‍රවේශ පත්‍රය රැගෙන ආ යුතුය.
වොලිබෝල් සම්මේලන ලේකම්වරයා විසින් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම සඳහා පවත්වන පරීක්ෂණවල දෙවන පරීක්ෂණ ආදිය පැවත්වෙන අයුරු ද පැහැදිළි කරමින් පහත සඳහන් දත්ත ලබා දී ඇත.
01 ජ්‍යෙෂ්ඨ කාන්තා විවෘත තේරීම් පරීක්ෂණය 2026 මාර්තු 17 පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා
02 ජ්‍යෙෂ්ඨ කාන්තා දෙවන තේරීම් පරීක්ෂණය
(විවෘත තේරීම් පරීක්ෂණයෙන් තේරී පත්වන ක්‍රීඩිකාවන්
සඳහා පමනි)

2026 මාර්තු 18 පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා

03 ජ්‍යෙෂ්ඨ පිරිමි විවෘත තේරීම් පරීක්ෂණය 2026 මාර්තු 26 පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා
04 ජ්‍යෙෂ්ඨ පිරිමි දෙවන තේරීම් පරීක්ෂණය
(විවෘත තේරීම් පරීක්ෂණයෙන් තේරී පත්වන ක්‍රීඩකයින්
සඳහා පමණි)

2026 මාර්තු 27 පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා

එබැවින් මෙම සංචිතයෙහි තේරීම් පරීක්ෂණයට ඉදිරිපත් වීමට කැමති ක්‍රීඩිකාවන් 2026 මාර්තු 17 දින සහ ක්‍රීඩකයින් 2026 මාර්තු 26 දින පෙ.ව. 8.30 ට වතුපිටිවල ගෘහස්ථ ක්‍රීඩාංගණයට පැමිණ ලියාපදිංචි වීමට හැකි බව ද දන්වා සිටිමි.
මේ කරුණුවලට අමතරව මෙවර ජ්‍යේෂඨ පිරිමි සහ කාන්තා කණ්ඩායම් සහභාගි කිරීමට අපේක්ෂිත ජාත්‍යන්තර තරග සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තොරතුරු ඉදිරිපත් කර ඇත.පහත දක්වා ඇත්තේ එම තරගාවලි ගැන ඉදිරිපත් කර ඇති දත්ත සටහනය.
ජ්‍යෙෂ්ඨ කාන්තා සහ පිරිමි වොලිබෝල් තරගාවලි සඳහා සහභාගී වීමට නියමිතව ඇත.

  • 2026 CAVA Men’s Championship – Pakistan
    2026 ජුලි 03 දින සිට 10 දින දක්වා
  • 2026 CAVA Women’s Championship – Nepal
    2026 මැයි 22 දින සිට 29 දින දක්වා

The post දෙටු – කණිටු වොලිබෝල් ජාතික සංචිත පිහිටුවීමට සුදුස්සන් තෝරා ගැනීමේ පරීක්ෂණ appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here