දුවලා විතරක් බතක් මාඵවක් උයාගන්න දැන ගත්තම ඇති කියන ආකල්පයෙන් අපි හුඟක්ම ඈත් වෙලා. දන්නවනේ අද ලෝකයේ වැඩිපුරම ඉන්නනේ පිරිමි චෙෆ්ලා. නරකද දුව පුතා කියලා බලන්නේ නැතිව ගෙදර දොරේ වැඩ කටයුතු දරුවන්ට පුරුදු කලොත්. ඇත්තටම දරුවන්ව එයාලා පුංචි කාලේ ඉඳලම ගෙදර වැඩ කටයුතු වලට සම්බන්ධ කරගන්න පුලුවන්. එයාලා අපිට සහයකයෝ වශයෙන් පත් කරගන්න පුලුවන්. හැබැයි ඉතින් ටිකක් කරදරකාරී සහයකයෝ. හැබැයි ඉතින් කරදරයක් වුණත් එයාලවත් අපේ නිවසේ කටයුතු වලට සම්බන්ධ කර ගැනීමෙන් ඒ පුංචි හිත් වල සතුටක් ,මටත් පුඵවන්, මම දැන් ලොකුයි කියන හැඟීමත් ඇති වෙන්නනේ නිරායාසයෙන්මයි.
“පොදයක් යනවා රෙදි ටික ගන්න ඕනී”
අමායා හනි හනිකට රෙදි ටික ගන්න දුවද්දිම වැස්ස කඩා වැටෙන්න ගත්තා. නලින්දත් හනි හනිකට අමායාට උදව් වුන නිසා යන්තම් රෙදි ටික නොතෙමී ගන්න පුඵවන් වුණා.
“අනේ උයන්න පරක්කු වුණා නලින්ද බඩගිනියිද?”
නලින්ද දෙතුන් වතාවක් කුස්සියට එබී බලද්දි අමායා කිව්වා.
“දෙන්න මොනවද ඔයාට කරලා දෙන්න ඕනී?”
“ආ එහෙනම් මේ පොල් ටික ගාන්නකෝ”
නලින්ද අමායාට දහවල් ආහාර වේල පිළියෙල කරන්න උදව් වුණා. ඒ අතර පුංචි දිනෙතුත් කුස්සිය පැත්තට ආවා
“ආ… අද තාත්තා අම්මා කරන්න ඕනී වැඩත් කරන්නේ ”
“ඒ කිව්වේ?”
“ඇයි ඉතින් උයන එක ,රෙදි හෝදන, රෙදි ගන්න එක, නමන එක ඒවා ඉතින් අම්මට අයිති වැඩනේ”
“අම්මට අයිති වැඩ… මොනවද පුතේ තව අම්මට අයිති වැඩ ?”
“උයන එක ,ගෙවල් අස්පස් කරන එක, අපේ පාඩම් වැඩ බලන එක, එතකොට අපිව බලා ගන්න එක”
“හ්ම්… ඇත්ත මේ සේරම වැඩ අම්මා කරනවා තමයි. ඒත් ඒවා අම්මටම අයිති වැඩ නෙමේ අපේ පවුල වෙනුවෙන් අම්මා කරන වැඩ. අම්මා අපේ වැඩ සේරම තනියම කරන්නේ අපිට ආදරේට. ඒත් අපි පුඵවන් අම්මට උදව් වෙන්න.”
“එතකොට තාත්තා උදව් වුණේ අපේ වැඩටද?”
“ඔව්”
අමායා තාත්තාගේත් පුතාගේත් සංවාදය අසා උන්නා මිසක් එයට පිළිතුරු බඳින්නට ගියේ නැත.
“ඇයි ඉතින් තාත්තට උදේ පාන්දරත් නැගිටලා උදව් කරන්න පුළුවන්නේ.”
“ඔව් ඒත්…”
නලින්ද අමාරුවක වැටී ගිය බව හැඟුන නිසා අමායා කටහඬ අවදිකලාය.
“තාත්තා උදේම නැගිටලා අම්මට උදව් කලා අම්මත් ඔෆිස් යන කාලේ. ගෙවල් අතු ගාලා රෙදි සෝදලා වේලෙන්න දාලා උයන්නත් උදව් වුණා.”
“ඉතින් දැන් ඇයි බැරි”
“අම්මා ගෙදරනේ පුතේ දැන් ඉන්නේ. එතකොට අම්මට ඒවා තනියම කරන්න වෙලාව තියෙනවා.කොහොම වුනත් තාත්තා ගෙදර ඉන්න වෙලාවට අම්මට උදව් කරනවනේ.”
යාන්තම් දිනෙත්ගෙ ප්‍රශ්න කිරීම නතර වුණා. ඇත්තටම දරුවො හැඩ ගැහෙන්නේ දෙමාපියන් දිහා බලලා.
“අම්මා බොන්න මොනවත් නැද්ද?”
“නැහැ හදන්න ඕනී”
“මම හදන්නද ? ”
“හා…ඒත් ඔයාට පු`ඵවන්ද?”
Saru FM Media