දුරකථන අංක වෙනස්වන QR කේත නැවත ලබා ගැනීමට නව ක්‍රමවේදයක් – Saru News | සිංහල

0
2

ඉන්ධන ලබා ගැනීමට අදාළ QR කේත සම්බන්ධ ගැටලු විසඳීම සඳහා නව “Override” විශේෂාංගයක් හඳුන්වා දී තිබේ.

මෙම පහසුකම හඳුන්වා දී ඇත්තේ, 2026 මාර්තු 14ට පෙර ඉන්ධන QR කේත සඳහා ලියාපදිංචි කරන ලද වාහනයක QR කේතය නැවත ලබා ගැනීමේදී, එම ලියාපදිංචිය සිදු කළ ජංගම දුරකථන අංකය භාවිතයේ නොමැති වීම හෝ වෙනත් අයකු සතු වීම හේතුවෙන් මහජනතාව මුහුණ දුන් දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහාය.

මෙහිදී පරිශීලකයන්ට ඔවුන්ගේ පෙර ලියාපදිංචිය ඉවත් කර, නිවැරදි වාහන අංකය සහ චැසි අංකය (Chassis Details) ලබා දීම මඟින් නව ජංගම දුරකථන අංකයක් යටතේ නැවත ලියාපදිංචි වී QR කේතයක් ලබා ගත හැකි බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

පරිශීලකයා ‘Override’ විකල්පය තෝරාගත් විට, එම වාහනයට සම්බන්ධ පැරණි ගිණුම දත්ත පද්ධතියෙන් ඉවත් වන අතර, නව තොරතුරු සහිත ගිණුම වහාම ක්‍රියාත්මක වේ.

මෙම ක්‍රියාවලියේදී පැරණි ලියාපදිංචිය අවලංගු වන බැවින් පෙර පරිශීලකයාට එම වාහනය වෙනුවෙන් ලැබුණු ප්‍රවේශය අහිමි වන අතර, මෙමඟින් නිවැරදි හිමිකරුට තම QR කේතය බාධාවකින් තොරව ලබා ගැනීමට හැකියාව ලැබේ.


4

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here