රන් හා රිදී ආලේපිත T56 ගිනිඅවිය සම්බන්ධයෙන් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (23) අත්අඩංගුවට ගණු ලැබූ හිටපු ඇමති දුමින්ද දිසානායක ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් නියෝග කර තිබේ.
ඒ ඔහු අද (24) උක්ත ගිණි අවිය සම්බන්ධයෙන් ඔහු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත T56 වර්ගයේ ගිනි අවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු ඇමති දුමින්ද දිසානායක ඊයේ අත්අඩංගුවට ගෙන තිබිණි.
හිටපු ඇමති දුමින්ද දිසානායක අත්අඩංගුවට ගෙන තිබූණේ, තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක සිටියදීය.
Saru FM Media