කැලණිවැලි දුම්රිය මාර්ගයේ පුවක්පිටිය හා අවිස්සාවේල්ල අතර සැතපුම් 35 දම්වැල් 30 කිරිවන්දල ස්ථානය අසල හයිලෙවල් මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය අළුත්වැඩියා කටයුතු සිදුකිරීම සඳහා තාවකාලිකව වසා තබන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.
අදාළ මාර්ගයේ අලුත්වැඩියා කටයුතු මාර්තු 05 සිට මාර්තු 08 අතර කාලයේ සිදුකිරීමට නියමිත අතර අළුත්වැඩියාවන් හේතුවෙන් පහත පරිදි මහා මාර්ගයේ වාහන ගමනාගමනය අර්ධ හා සම්පූර්ණ වශයෙන් වසා තබන බව නිවේදනයේ සඳහන් වෙයි.
2026 මාර්තු 05 දින බ්‍රහස්පතින්දා පෙ.ව 8.30 සිට ප.ව 4.30 දක්වා අර්ධ වශයෙන්
2026 මාර්තු 06 සිකුරාදා පෙ.ව 8.30 සිට ප.ව 4.30 දක්වා අර්ධ වශයෙන්
2026 මාර්තු 07 සෙනසුරාදා පෙ.ව 8.30 සිට ප.ව 4.30 දක්වා අර්ධ වශයෙන් සහ පෙ.ව 9.00 සිට ප.ව 1.30 අතර කාලය තුල පැය භාගයක කාල පරිච්ඡේදයක් සඳහා සම්පූර්ණයෙන් වැසීම.
2026 මාර්තු 08 ඉරිදා පෙ.ව 8.30 සිට ප.ව 4.30 දක්වා අර්ධ වශයෙන් සහ පෙ.ව 9.00 සිට ප.ව 1.30 අතර කාලය තුල පැය භාගයක කාල පරිච්ඡේදයක් සඳහා සම්පූර්ණයෙන් වැසීම.
මෙම කාල සීමාවන් තුළ ඇතිවිය හැකි රථවාහන තදබදය මඟහරවා ගැනීමට හා සිදුවන අපහසුතා අවම කර ගැනීමට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා දුම්රිය සේවය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Saru News
















