ගාල්ල – බෙලිඅත්ත අතර දුම්රිය මාර්ගයේ මිනුවන්ගොඩ බිංගේ ප්‍රදේශයේදී කාන්තාවක් දුම්රියේ ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 75ක් පමණ වන කාන්තාවක් බව පොලීසිය පැවසුවේය.
අදාළ කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර එම ස්ථානයේ තිබූ අත් බෑගයක තිබී ඊයේ දිනයේ යක්කලමුල්ල ප්‍රදේශයේ දී ෆාමසියකින් බෙහෙත් ගත් තුණ්ඩුවක් සොයා ගෙන ඇත.
මෘත දේහය ගාල්ල ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Saru FM Media