“දුන් පොරොන්දු ඉටු කරනු” ආණ්ඩුවට එරෙහිව නුගේගොඩ රැලිය අද

0
3

පක්‍ෂ 8ක සහ තවත් සංවිධානවල සහාය

නුගේගොඩ දී අද (21දා) සවස පැවැත්වෙන ජනරැලිය ප්‍රධාන දේශපාලන පක්‍ෂ 8ක සහ තවත් සංවිධානවල සංවිධායකත්වයෙන් පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා “දිවයින” ට පැවසීය.

එම රැලිය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්‍ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, පිවිතුරු හෙළ උරුමය, පොදුජන එක්සත් පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්‍ෂය, දේශ විමුක්ති ජනතා පෙරමුණ සහ තවත් සංවිධාන සහභාගිවීමට නියමිත බවත් මහලේකම්වරයා කීය.

“දුන් පොරොන්දු ඉටු කරනු” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම ජනරැලිය සඳහා මෙම ආණ්ඩුවට ඡන්දය ලබාදුන් විශාල ඡන්ද දායකයන් ප්‍රමාණයක් ද සහභාගිවන බවත් සාගර කාරියවසම් මහතා පැවසීය.

එරික් ගාමිණි ජිනප්‍රිය

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here