දීප්තිමත් සමක් ලබා ගන්න කැමති නම් නිවසේදී මේ විදියට ඔයිල් මසාජ් එකක් කරන්න.

0
11


මිහිරි සංගීතයත්, සෞම්‍ය ආලෝකයත් සමඟ බොඩි මසාජ් එකක් කියන්නේ ම කාර්‍යබහුල ඔබේ මනසත් සිරුරත් වඩාත් සැහැල්ලුවට පත් කරන්නක්. සැහැල්ලු වීම හැරුණු විට බොඩි මසාජ් එකකින් ඔබට ලැබෙන වාසි බොහොමයි. ගෙදරදී ම නිවැරදිව ඔයිල් මසාජ් එකක් කරන්නේ කොහොමද කියා අපි බලමු.

බොඩි ඔයිල් මසාජ් එකකින් මාංශ පේශි මත තෙරපීමක් ඇතිවන විට ඒවායෙහි ක්‍රියාකාරිත්වය වඩාත් හොඳින් සිදුවනවා. එමගින් පේශිවල නම්‍යශීලීබව හොඳින් වැඩි වෙනවා.

බොඩි ඔයිල් මසාජ් එකක් නිවැරදි තෙරපුමකින් සිදු කරන විට හෝමෝන නිසි පරිදි ශ්‍රාවය වන්නට පටන් ගන්නවා. දීර්ඝ කාලීන දුක් සහිත බවට බොඩි ඔයිල් මසාජ් එකක් වඩාත් ගැළපෙන්නේ ඒ නිසායි.

සිරුරේ මාංශ පේශිවල නිසි ක්‍රියාකාරිත්වයට මෙන් ම රුධිර සංසරණය හොඳින් සිදු කරන්නටත් බොඩි ඔයිල් මසාජ් එකකට පුලුවන්. එමගින් සිරුරේ විවිධ තැන්වල ඇති වේදනාවන් හොඳින් සමනය කරනවා.

ඔබ බොඩි ඔයිල් මසාජ් එකක් සිදු කරන විට සිරුරේ සෑම තැනක්ම තරමක තෙරපුමක් සහිතව රවුමට ඇතිල්ලීමක් සිදු වෙනවා. එය සිරුරේ ඇති මැරුණු සෛල ඉවත් වන්නට උපකාරී වනවා. සමෙහි අඳුරු පැහැය ඉවත් කර සෞඛ්‍යමත් ව පැහැපත්ව තබාගන්නට බොඩි ඔයිල් මසාජ් එක උදව් වන්නේ ඒ අයුරින්.

මෙම මසාජ් වලදී ඔබේ රුධිර නාල උත්තේජනය වනවා. එනිසා රුධිර සංසරණය මැනැවින් සිදු වනවා. එය කයට මෙන් ම මනසටත් වඩාත් යහපත් අයුරින් බලපානවා.

බොඩි ඔයිල් මසාජ් එකකින් පසු ඔබේ සිරුරත් මනසත් එකසේ නිදහස් සහ ඉහිල් කරනවා. එය ඔබට ඉතා සුවපහසු ගැඹුරු නින්දක් රාත්‍රීයේදී ලබා දෙනවා.

තලතෙල් වඩාත් සුදුසු වන්නේ සීත කාලයේදී යි. එය ඉතා උකුයි. මේවා සමෙහි රැළි වැටුණු ස්වභාවය අඩු කරමින් සම දීප්තිමත් කරනවා. හිස් කබලෙහි ඉස්සොරි තත්ත්වය අවම කරන්නටත් තලතෙල්වලට හැකියාව තිබෙනවා.

ජොජොබා තෙල් වඩාත් සුදුසු වන්නේ උණුසුම් දේශගුණයක් සහිත අවස්ථාවලදී යි. එය මෘදු සුවඳකින් යුක්තයි. මෙය නොඇලෙන සුළු ලිහිල් තෙල්වර්ගයක්. අප සිරුරේ pH අගයට මැනැවින් ගැළපෙන නිසා සමට ඉතා හිතකරයි.

පොල්තෙල් බොහොමයක් රූපලාවන්‍ය නිෂ්පාදනවලදී හමුවෙන තෙල්වර්ගයක්. සමට ඉතාම හිතකර වන අතර රැළි වැටීම් වළක්වන්නටත්, සමෙහි තෙතමනය රැකගන්නටත් පොල්තෙල්වලට හැකියාව තිබෙනවා. කොණ්ඩයටත් ස්වභාවික කන්ඩිෂනර් එකක් ලෙස ක්‍රියා කරනවා.

සෞම්‍ය මෙන්ම උකු නොවන සූර්‍යකාන්ත තෙල් සමට ඉක්මනින් ම උරාගන්නවා. සමෙහි ඇති විශබීජවලට එරෙහි වන්නටත් මේවාට පුලුවන්. එමෙන්ම සමෙහි තෙතමනය රැකගනිමින් රැළි වැටුණු ස්වභාවය අවම කරන්නටත් සූර්‍යකාන්ත තෙල්වලට හැකියාව තිබෙනවා.

ඔබේ මනසත් කයත් සුවපත් කරන බොඩි ඔයිල් මසාජ් එකක් නිවැරදිව නිවසේදී ම කරගන්නට හැකියාව දැන් ඔබට තිබෙනවා. සතියකට වරක්වත් බොඩි ඔයිල් මසාජ් එකක් සිදු කරගෙන එහි ප්‍රතිලාභ අත්විඳින්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here