පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක 4කට නායයෑම් රතු නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර, දොළුව, උඩුදුම්බර, ගඟ ඉහළ කොරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, කෑගල්ල, දෙහිඕවිට, අරණායක, මාවනැල්ල, යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත්,
මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, අඹගමුවකොරළය, ලග්ගල පල්ලේගම, විල්ගමුව, උකුවෙල, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑම් රතු නිවේදන නිකුත් කර තිබේ.
මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ හම්දුම්මුල්ල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩහින්න, වලපනේ, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, කිරිල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර දෙක යටතේ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කිරීමටද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත.
තවද බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල, කන්ඳකැටිය, හපුතලේ, පස්සර, ගාල්ල දිස්ත්‍රික්යේ නියගම, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, පහතදුම්බර, උඩපළාත, උඩුනුවර, පස්බාගේ කෝරළය, පහත හේවාහැට, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ බටහිර, හඟුරන්කෙත, අඹගමුව, කොත්මලේ නැගෙනහිර සහ මතුරට, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, කලවාන, ඇහැළියගොඩ සහ කොලොන්න යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර එක යටතේ විමසිල්ලෙන් සිටින ලෙසට ද එම සංවිධානය නිකුත් කළ අනතුරු ඇඟවීමේ සඳහන්ව තිබේ.
මෙම නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය අද පස්වරු 08.30 සිට හෙට පස්වරු 08.30 දක්වා ක්‍රියාත්මක බවද ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය.
Saru News
















