ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර තිබේ.
ඒ අනුව කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ මෙම නිවේදනය නිකුත් කර ඇත.
අද (15) මධ්‍යහ්න 12ට නිකුත් කර ඇති මෙම නිවේදනය අද රාත්‍රී 11.30 දක්වා බලපැවැත්වේ.
කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද සවස 1න් පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වනවිට තාවකාලික තද සුළං ද ඇති වේ.
අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
Saru News








