දිස්ත්‍රික්ක 11කට පැනවූ නාය අනතුරු ඇඟවීම් තවදුරටත්

0
2

මහ වැස්සෙන් පුද්ගලයෝ 20,247ක් පීඩාවට

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග දිස්ත්‍රික්ක 16ක පවුල් 4,959කට අයත් පුද්ගලයින් 20,247 දෙනකු පීඩාවට පත්ව ඇති බවත් මරණ 04ක්ද වාර්තා වී ඇති බවත්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පවතින වැසි සහිත කාලගුණයත් සමග බදුල්ල, කළුතර, කොළඹ, ගාල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය, මාතලේ, මාතර, රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නිකුත් කර තිබූ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකව පවතින බව ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ආපදාවකට ලක්ව ඇති පුද්ගලයින්ට යම් වන්දියක් අවශ්‍යව ඇත්නම් අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා, ආපදා සහන නිලධාරීගෙන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය වෙත දැනුම් දෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, ප්‍රදීප් කොඩිප්පිලි මහතා ඉල්ලා සිටී.

මේ අතර, පවතින වැසි තත්ත්වය හේතුවෙන් ගංගා කිහිපයක ජල මට්ටම ඉහළ ගොස් ඇතත්, ගංවතුර අවදානමක් මතුව නැතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඊයේ (24දා) සඳහන් කළේය.

කෙසේ වෙතත්, ඒ පිළිබඳව ජනතාවට තවදුරටත් දැඩි විමසිල්ලනේ පසුවන ලෙසද එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.
සුජිව තත්සර

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here