දිවුලපිටියේ මහා කසිප්පු ජාවාරමක්(වීඩියෝ)

0
3


දිවුලපිටිය පොලිසියේ නිලධාරීන් හට ලැබුණු තොරතුරක් මත සිදු කරන ලද වැටලීමක දී නීතිවිරෝධී ව පවත්වාගෙන ගිය මත්පැන් ස්කාගාරයක් වටලා තිබෙනවා.

මෙම වැටලීමේ දී සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වල දී පවසා ඇත්තේ බලගල්ල ප්‍රදේශයේ කුලියට ගත් නිවසක් තුළ දිගු කලෙක පටන් අදාළ මත්පැන් ස්කාගාරය පවත්වාගෙන ගිය බවයි.

නීතිවිරෝධී මත්පැන් තොග වශයෙන් මරදගහමුල, දූනගහ, කටුවැල්ලේගම, මිනුවන්ගොඩ, අලුතපොළ, හුණුමුල්ල යන ප්‍රදේශවලට බෙදා හැරීම් සිදු කරන බව ද පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මීරිගම – බාදුරාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්.

පොලිස් වැටලීමේ දී ගෝඩා බැරල් 21ක්, කසිප්පු බෝතල් 400ක්, වට රවුන් පහළොවක් සහිත දඟරයක්, විදුලි මෝටරයක්, ගෑස් සිලින්ඩරයක් ද සොයා ගැනුණු අතර නීතිවිරෝධී මත්පැන් බෝතල් 400 වටිනාකම රුපියල් ලක්ෂ 350000කට ආසන්න බවයි හෙළි ව ඇත්තේ.

නීති විරෝධී මත්පැන් සමග සැකකරුවන් දෙදෙනා අද (30) දින මිනුවන්ගොඩ අධිකරණට ඉදිරිපත් කිරීම් නියමිත අතර මෙම වැටලීම
මීගමුව දිස්ත්‍රික් සහකාර පොලිස් අධිකාරී සංජීව එදිරිසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කර තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here