දිවයින ඉරිදා සංග්‍රහය ට 44 යි!

0
2

දිවයින සුබපැතුම්

ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික පුවත්පත් ආකෘතිය ඉඳුරාම වෙනස් කරමින් 1981 වර්ෂයේ දී ආරම්භ කරන ලද ‘දිවයින ඉරිදා සංග්‍රහය’ අද (04දා) 44 වසර සංවත්සරය සමරන්නේය.

මෙරට පුවත්පත් කලාවේ විශිෂ්ටතම ප්‍රවීණයන් රැසකගේ දායකත්වයෙන් බිහිවුණු ‘දිවයින ඉරිදා සංග්‍රහය’ තවත් එවැනිම විශිෂ්ටයන් රැසක් ගෙවුණු දශක හතරක කාලය තුළ ක්‍ෂේත්‍රයට දායාද කළේය.

ඒ සියල්ලන්ගේම දායකත්වය රටේ ජාතික සංස්කෘතික අභිලාෂයන් පිළිබිඹු කරන හඬක් නැති ජනතාවට හඬක් වන්නට ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට හැකිවිණි.

මේ අභිමානවත් සංවත්සරය සමරන මොහොතෙහි එකී අභිලාෂයන් වෙනුවෙන් තවදුරටත් කැපවන්නට අපි නැවත වරක් සපථ කර සිටිමු.

දශක හතරක කාලයක් අප සමග රැඳුණු පාඨක ඔබ අපේ ශක්තිය බව කෘතගුණ පූර්වකව සිහිපත් කරමු. හෙට දිනයෙත් ඔබේ හඬට අපි ශක්තියක් වන්නෙමු.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here