දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් කොළඹට කැඳවයි

0
1

දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් කොළඹට කැඳවා තිබේ.

2026 රජයේ සංවර්ධන වැඩසටහන් සහ ‘ප්‍රජාශක්ති’ ග්‍රාමීය සංවර්ධන ප්‍රවේශය පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා අද (22) අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වෙන සාකච්ඡාවක් වෙනුවෙන් මෙම කැඳවීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

ග්‍රාමීය දිළිඳුබව තුරන් කිරීම සඳහා රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක  ‘ප්‍රජාශක්ති’වැඩසටහන බිම් මට්ටමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහිදී ප්‍රාදේශීය ලේකම්වරු පුළුල් ලෙස දැනුම්වත් කිරීමට නියමිත බව සඳහන්ය.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here