දිලිත්ගේ පස්රූල් පොතට නිපුනආරච්චි ගල් ලෑල්ලෙන් උත්තර දෙයි!

0
8

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දේශපාලන කරළියේ තවදුරටත් සංවාදය පැවැත්වෙමින් තිබෙන අතර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා මහජන විරෝධතා පවත්වන තැනටම එය දිගුවක්ව පවතියි.

මෙම පසුබිම මත මේ දිනවල පාර්ලිමේන්තුවේද මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ විපක්ෂ මතවාද එහෙට මෙහෙට යමින් තිබෙන අතර දිලිත් ජයවීර සහ ලක්ෂමන් නිපුනආරච්ච් මන්ත්‍රීවරුන් විසින් ගෙන් එන ලද කතාවන් කැපී පෙනෙන්නට විය.

එහිදී දිලිත් ජයවීර මන්ත්‍රීවරයා පැවසුවේ ඔහුගේ කාලයේ පැවති විශේෂයෙන් ප්‍රාථමික ශ්‍රේණි දරුවන් සඳහා පැවති පස්රූල් පොත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ නොමැති බවයි.

මොඩියුල් ක්‍රමයේ ගැටළුවක් නොමැති බවත් එය ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයක් බවත් ඔහු පැවසීය.

එහෙත් පස්රූල් පොත නොමැතිවීම විශාල ගැටළුවක් ලෙස මන්ත්‍රීවරයා මතුකරන ලදී.

”මොඩියුල් ක්‍රමය පිළිගන්නා ජාත්‍යන්තර ක්‍රමයක්. එය අවශ්‍යයි. මොඩියුල කියන්නේ ඒ ක්‍රමවේදයට කියන නම මිසක් මේ විනාශයට කියන නම නෙවෙයි. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මම හිතන්නේ ඔබටත් තිබුණා මටත් තිබුණා පස්රූල් පොත. ඔබ දන්නවද මේ ප්‍රතිසංස්කරණ යෝජනාවලිය තුළ පස්රූල් පොත නැති කරලා කියල. පස්රූල් පොත නෑ. ඔබට මතක ඇති මේ පොතේ ඉස්කෝලෙදි ගිහිල්ලත් ලියනවා එකම අකුර සියවතාවක්. එකම අකුර ලියල ලියල තමයි අකුරක් ලස්සනට ලියන්න ඉගෙන ගත්තේ. මේ ප්‍රතිසංස්කරණ යෝජනාවලිය තුළ අච්චුගහල පොතක් දීලා තියෙනවා ඒ පොතේ අකුරු පහක්වත් ලියන්න බැහැ. ඒ පොත ගෙදර ගෙනියන්නත් බෑ. පස්රූල් පොතත් නෑ. ඔන්න ඕකයි මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි වෙලා තියෙන්නේ.”

දිලිත් ජයවීර මන්ත්‍රීවරයා සිදුකරන ලද මෙම කතාවට පිළිතුරු දෙමින් ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා දැක්වූයේ මෙවන් අදහසක්.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here