දිලිත්ගෙන් ජනපතිට කෘතඥතාවය

0
3

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජාතික ගුරු සමුළුව අමතමින් අධ්‍යාපන ප්‍රතිංස්කරණ පිළිබඳව සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සර්වජන බලයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සිය x ගිණුමෙහි සටහනක් තබා තිබේ.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ මෙරට ප්‍රාථමික හා ද්විතීක අධ්‍යාපනයේ වර්ධනයට ආපසු හැරවිය නොහැකි ලෙස හානි කළ හැකි ප්‍රතිපත්තිමය පියවරක් පිළිබඳව සිදු කරන නිරන්තර විවේචනයන්ට, ජනාධිපතිවරයා සවන් දීම පිළිබඳව සිය කෘතඥතාවය පළ කරන බවය.

එමෙන්ම දණ්ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) පනත් කෙටුම්පතේ බොහෝ විධිවිධාන මෙරට ස්වාධීනත්වයට සහ වටිනාකම් පද්ධතියට බටහිරයන්ගෙන් සිදුවන බලපෑම පිළිබඳව හෙළි කරන බවද එහි සඳහන් වේ.

ලාංකීය අනන්‍යතාවය ගොඩනඟන ශිෂ්ටාචාරමය වටිනාකම්, විශේෂයෙන් ගුරුවරුන් විසින් ඉටු කරන පරාර්ථකාමී භූමිකාව, සම්මුතියකට නොගෙන ඉදිරියට යන ආකාරය පිළිබඳව ද අප පැහැදිලි විය යුතු බව එම X සටහනේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here