දියේ ගිලී පුද්ගලයෙකු මියයයි

0
11


දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසමේ පරගස්වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු ඊයේ (12) වන දින සවස් කාලයේ දියේ ගිලී මියගොස් ඇති බවට දෙහිඅත්තකණ්ඩිය පොලිසියට ලද පණිවිඩයකට අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා .

මරණකරු වයස අවුරුදු 29 ක් වූ ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි රාජ්‍ය බුද්ධි සේවා මූලස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙක්.

මියගිය කොස්තාපල්වරයා මිතුරන් කිහිපදෙනෙකු සමඟ දිය නෑමට ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී ඇති බවට දැනට සිදුකරන ද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා .

මෘත ශරීරය දෙහිඅත්තකණ්ඩිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇති අතර, දෙහිඅත්තකණ්ඩිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු යනු ලබන බවයි සඳහන් වන්නේ .

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here