ඇමරිකාව සහ ඊශ්‍රාලය ඒකාබද්ධව ඉරානයට මිසයිල ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ දින සිට ගතවූ මුල් දින දහය තුළ පමණක් මෙරට ඉන්ධන පිරවුම්හල්වලින් ඩීසල් ලීටර මෙට්‍රික් ටොන් 57,000ක් තරම් විශාල තෙල් තොගයක් නිකුත් කර තිබෙන බව ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා කියයි.
භාපතිවරයා ඊයේ (15) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බැව් අනාවරණය කළේය.
එය ඉතා විශාල ප්‍රමාණයක් බවත්, සාමාන්‍යයෙන් නැව් දෙකකට ආසන්න ඩීසල් ප්‍රමාණයක් එලෙස නිකුත් වී තිබෙන බවත්, ඔහු පෙන්වා දුන්නේය.
ඊට අමතරව අදාළ දින දහය තුළ පෙට්‍රල් ලීටර මෙට්‍රික් ටොන් 47000ක ප්‍රමාණයක් නිකුත් කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවත්, එම ප්‍රමාණය මාස එකහමාරක කාලයක් තුළ නිකුත් කෙරෙන ඉන්ධන ප්‍රමාණයක් බවත්, ඔහු කීය.
ඉරාන යුද්ධය ආරම්භ වීමත් සමග රට තුළ අනවශ්‍ය ආකාරයෙන් ඇතිවුණු තෙල් පෝලිම් නිසා මෙලෙස ඩීසල් සහ පෙට්‍රල් අනවශ්‍ය ආකාරයෙන් මෙරට ජනතාව රැස්කර ඇති බවට ද ඔහු චෝදනා කරයි.
Saru News
















