නිශ්මං රණසිංහ ,මාර්තු 01 කොළඹ LNW:
චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුපරි අට වටයේ දී පෙබරවාරි 28 වන දා පැවති තරග දෙකම ජය පරාජයෙන් තොරව නිමාවට පත් වුණා.මේ වන විට ලකුණු සටහනේ ඉදිරියෙන් සිටින පෙලිකන්ස් කණ්ඩායම සහ තෙවන තැන සිටින සෙරන්ඩිබ් කණ්ඩායම අතර තරගයත්,සෝන්ඩර්ස් කණ්ඩායම සහ නිව් ස්ටාර් කණ්ඩායම අතර තරගයත් යන තරග දෙකම ජය පරාජයෙන් තොරව නිමාවට පත් වුණා.
මෙවර චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ සුපිරි අට වටයේදී සෝන්ඩර්ස් කණ්ඩායම අනපේක්ෂිත පසුබෑමකට ලක්ව සිටිනවා.පරාජයට වඩා ජය පරාජය නොවිසඳුණ තරග ගණනාවක් සුපිරි අට වටයේදී සෝන්ඩර්ස් කණ්ඩායමට ප්‍රතිපලය ලෙස ඉතුරු වුණා.සුපිරි අට වටයේ තෙවන වරටත් නිව් ස්ටාර් අතර පැවති තරගයෙන් ජය පරාජය නොවිසඳී ගෝල 3-3 ක් ලෙස අවසන් කරමින් ජය පරාජය නොවිසඳුණ තරගයක් බවට සිය තරගය පත් කර ගැනීමට සෝන්ඩර්ස් කණ්ඩායමට සිඳු වුණා.නිව් ස්ටාර් කණ්ඩායම ගෝල 2-0 ක් ලෙස පළමු අර්ධය නිමාවේ පෙරට පැමිණියත්,දෙවන අර්ධයේදී පොලිස් කණ්ඩායම සමඟ නිව් ස්ටාර් අතර තරගයේදී මෙන්ම නිව් ස්ටාර් කණ්ඩායමට තර්ජනය එල්ල කළ සෝන්ඩර්ස් ක්‍රීඩකයින් ගෝල 3 ක් රැස් කරන්නට සමත් වුණා.නිව් ස්ටාර් කණ්ඩායමට දෙවන අර්ධයේදී රැස් කර ගැනීමට ලැබුණේ එක් ගෝලයක් පමණයි.
පෙලිකන්ස් කණ්ඩායම සහ සෙරන්ඩිබ් කණ්ඩායම් අතර තරගයේ දි දෙපිලටම වාර්තා කරන්නට හැකි වුණේ එක් ගෝලය බැඟින් පමණයි.තරගය ආරම්භ වී විනාඩි 11 ක් ගතවෙන තැන පෙලිකන්ස් කණ්ඩායම ගෝලයක් රැස් කළ අතර එම ගෝලයේ වාසිය සමඟ 1-0 ක් ලෙස පළමු අර්ධය නිමා කරන්නටත් ඔවුන් සමත් වුණා.එහෙත් දෙවන අර්ධයේදී තරගයේ 58 වන විනාඩියේදී සෙරන්ඩිබ් ක්‍රීඩකයින් ගෝලයක් ලබා ගනිමින් තරගයේ ලකුණු තත්ත්වය සම කරන්නට සමත් වෙනවා.

The post දිනුවෙත් නැති පැරදුනෙත් නැති දවසක් appeared first on LNW Sinhala.
Saru News















