ග්‍රාම නිලධාරීන්, ආපදා සහන සේවා නිලධාරීන් සහ තාක්ෂණික නිලධාරීන් අද (27) සිට දිට්වා ආපදා සහන සේවා රාජකාරිවලින් ඉවත්වීමට තීරණය කර තිබේ.
ඒ සහන තක්සේරුව සඳහා නිසි චක්‍රෙල්ඛ නොමැති වීම, පොරොන්දු වූ දීමනා ලබා නොදීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමිනි.
මේ සම්බන්ධව අදහස් දක්වමින් සමස්ත ලංකා ආපදා සහන සේවා නිලධාරී වෘත්තීය සමිති සංගමයේ සභාපති උපුල් කුමාර මහතා පැවසුවේ දිට්වා සහන සැපයීමේ ක්‍රියාවලීය සඳහා නිවැරදි ක්‍රමවේදයක් මෙතෙක් නොමැති බවය.
ඒ අනුව මේ සඳහා සෘජුව මැදිහත්ව සිටින දිවයින පුරා සිටින ග්‍රාම නිලධාරී වෘත්තිය සංගම්, ආපදාවේ හානිය පිළිබඳව ඇස්තමේන්තු සකස් කරන තාක්ෂණික නිලධාරී සංගමයත් ඒකාබද්ධව සාකච්ඡා කරමින් මෙම ආපදා සහන සැපයීම සාමාන්‍ය පරිදි සිදු කිරීමේ කාර්ය පිළිබඳව සාකච්ඡා කළ බවද ඒ මහතා සඳහන් කළේය.
කෙසේ නමුත් දිට්වා ආපදාවෙන් පසු දින 95ක් ගතව ඇති මේ මොහොත වන තෙක් එම සහන සැපයීම නිවැරදිව සිදුකිරීමට අදාළ කටයුතු සිදුකර ගැනීමට රජයට නොහැකිව ඇති බව පැවසූ ඒ මහතා ඒ අනුව මේ සම්බන්ධ සියලුම පාර්ශ්වයන් එක්ව මෙම පියවර ගැනීමට තීරණය කළ බවත්ය.
Saru News
















