`දිට්වා’ ආපදාපවට පත් මාර්ග හා පාලම් ස්ථීර ලෙස ප්‍රතිසංස්කරණය ඇරඹේ! – Saru News | සිංහල

0
2

`දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ මාර්ග සහ පාලම් ස්ථීර ලෙස ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අද (25) ආරම්භ කරන ලදී.

ඒ අනුව මේ යටතේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් හානියට පත් මාර්ග 82කට ආසන්න සංඛ්‍යාවක් ස්ථිර ලෙස ප්‍රතිසංස්කරණය කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව මෙහි පළමු අදියර නුවරඑළිය, ගැරඬිඇල්ල ප්‍රදේශයෙන් අද ආරම්භ වූ අතර පළමු  අදිය යටතේ ස්ථාන 45ක ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට නියමිතය.

සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වල හානියට පත් මාර්ග සහ පාලම්ද එම අදියරට ඇතුළත් වේ.

වසර දෙකක් ඇතුළත හානියට පත් සියලු මාර්ග පෙර පැවති තත්වයට වඩා උසස් අයුරින් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා බව අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

සමස්ත ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 177කට අධික බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

10

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here