දිගුකාලීන විවාහ සබඳතාවකට කැමති නම් නිදි යහනේදී ඔබ නොකල යුතු දේවල්

0
14


දවස පුරාම කාර්යබහුල වෙන ඔබ දෙදෙනා බොහෝ විට මුණ ගැහෙන්නේ රාත්‍රී කාලයේ දී.පවුලේ කටයුතු ආහාර පිසින අතර, ආහාර ගන්නා අතර කතාබහ කළ පසු අඹුසැමියන් ලෙස ඔබට ඔබේ සම්බන්ධතාවය වඩා තහවුරු කර ගන්නට හැක්කේ රාත්‍රී කාලයේ පමණයි.ඉන් නිදි යහන විශේෂයි.ඔබේ ආදරය නින්දට පෙර අලුත් කර ගනිමින් සබඳතාවය තහවුරු කර ගත හැකි නිදි යහනේ දී ඔබ නොකළ යුතු සහ කළ යුතු දේවල් තමයි මේ.

නින්ද එනතුරුම ෆේස්බුක් ඕපාදූප හොයමින්, ගේම් ගසමින්, මිතුරන් සමඟ චැට් කරමින් හිඳින විට ඔබේ සැමියා ඔබෙන් ගිලිහී නොයන බව ඔබට නොවැටහෙනවද? ඒ විතරක් නෙවෙයි රාජකාරී ඇමතුම් හෝ කිසිවක් ඇඳට ගෙන එන්නට අවශ්‍ය නෑ.ෆෝන් එක පසෙකින් තබලා ඇඳට එන්න.එය ඇඳට ගෙන එන්නටවත් අවශ්‍ය නෑ.

ඔෆිස් ඊමේල්ස් හෝ කෝල්ස් ඇඳට ඇවිත් පරීක්ෂා කරන්න එපා.ඒ වගේම ඔබේ රැකියාව මොනතරම් පීඩනයක් වුවත් එය ඔබේ සහකාරයා පිටින් පිට කරන්නට එපා.ඔබ පෙළෙන දැඩි ආතතිය බෙදා ගන්න ඉන්නේ ඔහු තමයි.නමුත් ඒ රණ්ඩු වෙලා නෙවෙයි.රැකියාවේ ආතතිය ගැන සාකච්ඡා කරලා පමණයි

ඔහුට හොඳටම නින්ද යනතුරු ඉඳලා ඔබ ඇඳට යන්න එපා.දෙදෙනාම එකම රූටින් එකක් අනුගමනය කරන්න.ආහාර ගැනීමෙන් පසු දෙදෙනා එක්ව පසුදා ආහාර සූදානම් කර, ඇඳුම් මැද තබා නිවස පිරිසිදු කර, දරුවන් නිදි කරවා පිරිසිදු වී එකම වෙලාවකට ඇඳට එන්න.එය ගැන ඔබට සාකච්ඡා කර කාලය කළමණාකරණය කර ගන්නත් පුලුවන්

දවසේ සිදු වූ දේවල්, අනාගත අරමුණු, දරුවන්ගේ දේවල් ගැන පමණක් නොවේ.ඔබ ආදරය කරන කාලයේ සිදු වූ රසවත් දේවල් නැවත නැවත සිහි කරමින් ඔබට ආදරණීය සංවාදයක් ගොඩ නගා ගන්න පුලුවන් නේද? ඒ වගේ කාරණා ඔබේ සම්බන්ධතාවය වඩා වර්ධනය කර ගන්න පුලුවන්.ඒත් ඔබ මතක තියා ගන්නම ඕනෑ දෙයක් තියෙනවා, එකිනෙකාගෙ අඩුපාඩුකම්, ණය කටයුතු,නැන්දම්මාගේ ප්‍රශ්න ඇඳට ගෙනියන්නම එපා.

දරුවන් ඔබේ ඇඳට නොගැනීම ඔබේ සබඳතාවය සහ ලිංගික ජීවිතය සාර්ථක වෙන්න හේතුවක්.ඔවුන් තොටිල්ලක හෝ ඇඳකට හුරු හොඳින් නිදා ගැනීමට සලසා ඔබ දෙදෙනා නිදන කාමරයට එන්න.හැකි සෑම විටම නිදන කාමරය ඔබේ සහ සැමියාගේ Private space එක කර ගන්න.

මේ කාරණා ගැන සැලකිලිමත් වුණොත් ඔබ දවස අවසන් කරන්නේ ආදරය සහ විශ්වාසය පිරුණු සබඳතාවයක් සහිතවයි.ඔබේ විවාහය සාර්ථක වෙන්න මේ කාරණා හරිම වැදගත්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here