දික්ඕවිටට ගෙනා යාත්‍රාවේ සැකකරුවන් අද අධිකරණයට

0
2

දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින්, මත්ද්‍රව්‍ය  සහ අවි ආයුධ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට භාරයට ගෙන තිබේ.

ඔවුන් අද (13) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පැවසුවේ ය.

අදාළ බහුදින ධීවර යාත්‍රාව මෙරටට දකුණු දෙසින්වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගැණුනේ, පසුගිය 11 වැනිදාය.

එහි තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 654 තොගයක් සොයාගෙන ගත් බව නාවික හමුදාව පැවසන ලදි. සොයා ගත් මත්ද්‍රව්‍ය තොගය අතර හෙරෝයින් කිලෝග්‍රෑම් 176 ක් හා අයිස් කිලෝග්‍රෑම් 478 ක් තිබූ බව නාවික හමුදාව සඳහන් කළේ ය.

නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය හා ආයුධ ප්‍රවාහනය කළ එම යාත්‍රාව දික්ඕවිට වරායට ඊයේ (12) පෙරවරුවේ රැගෙන එන ලදි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් සඳහන් කළේ අදාළ යාත්‍රාව සමග ඊට සහාය වූ බව කියන තවත් යාත්‍රාවක් ද ගොඩබිමට රැගෙන ආ බවය.

පළමු යාත්‍රාවේ තිබී ඨ්56 ගිනි අවි 02 ක්, M 16 ලෙස සැකසු ගිනි අවියක් සහ පිස්තෝල 08 ක් සොයා ගැනුණි. මැගසින් කිහිපයක් ද යාත්‍රාවේ තිබී සොයාගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරන ලදි.

නාවික හමුදාව අත්අඩංගුවට ගත් එම යාත්‍රා දෙකෙහි සිටි සැකකරුවන් සංඛ්‍යාව 10කි

📌 සබැඳි පුවත්

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here