ලස්සන දෑතක් කියන්නේ හැම යුවතියකගේම සිහිනයක්.නමුත් ලස්සන දෑතක් පවත්වාගෙන යන්න අපට තියෙන ලොකුම බාධාවක් තමයි කැඩෙන නියපොතු.නියපොතු කැඩෙන්නේ ඇයි කියන එක වගේම ඒ වෙනුවෙන් කළ හැකි සත්කාර ගැනත් ඔබට කියන්න අපි හිතුවේ ඒ නිසා.
කාන්තාවන් විදියට අපිට නිතර වතුර එක්ක ගනුදෙනු කරන්න වෙනවා. රෙදි සේදීම, භාජන සේදීම නිතර කිරීම නිසා නියපොතු වල නිරන්තර තෙත් ගතියක් ඇතිවීම නියපොතු කැඩීමට හේතුවක් වෙනවා.
ගෙදර වැඩ පල වලදි, පිරිසිදු කිරීම් වලදි නිරන්තරයෙන්ම අපේ නියපොතු වල රසායනික ද්‍රව්‍ය තැවරෙනවා.මෙය නියපොතු කැඩීමට බලපාන කාරණාවක්. නිතර භාවිතා කරන සේදුම්කාරක, වගේම විවිධ රසායනික විෂබීජ නාශක දියරත් බොහෝ විට නියපොතු වලට හානිදායකයි.
ඔබ ගෙදර දොර වැඩවල යෙදෙන කාන්තාවක් නම් නියපොතු දිගු වීම වැඩට බාධාවක්, ඒ වගේම ඒ නියපොතු එලෙස දිගු වීම නිසා වැඩකිරීමේදී ඒ නියපොතු විවිධ පෘශ්ඨයන් මත වැදී තුවාල වෙන ඉඩකඩ වැඩී.
බාල නිය ආලේපන ගැල්වීම නියපොතු වලට ඉතාම හානිදායකයි. ඒ වගේම නිය ආලේපන නිතරම පාවිච්චියත් නියපොතු වලට හානිදායකයි.
නිය ආලේපන භාවිතයේදි ප්‍රථමයෙන් බේස් කෝඩ් ආලේප කර පසුව නිය ආලේපන ගැල්වීමත් ඊට පසුව නැවත ටොප් කෝඩ් ගැල්වීමත් අනිවාර්යයෙන් කරන්න. නමුත් ඔබ ඒ කිසිවක් නොකර නියආලේපන පමණක් ආලේප කිරීමෙන් නියපොතු හානිවී කැඩී යාමට පුලුවන් .
මීට අමතරව ජාන දුර්වලතා, සිරුරේ කැල්සියම් විටමින් සහ යකඩ ඌණතා ද හේතු වෙන්න පුලුවන්.
කකුලේ නියපොතු වලට හානි වෙන්න නම් ඔබේ පාවහන් අධික හිර වීමත් හේතු වෙන්නත් පුලුවන්
මේ සියල්ල අතරේ අමතක නොකළ යුතු දෙයක් තිබෙනවා. ඒ තමයි නියපොතු කැඩී යාම ඔබ අයහපත් සෞඛ්‍ය තත්ත්වයක් සහිත බව කියන්නත් සලකුණක් වෙන්න පුලුවන්. ඒ නිසා සත්කාර වලින් ඔබට වෙනසක් නොදැනේ නම් ප්‍රතිකාර වලට යොමු වීම අනිවාර්යයයි.
තොරතුරු සැපයීම – රූපලාවණ්‍ය ශිල්පිනි මධූ ජයවීර – 0776 463 308
Saru FM Media