දැරියක් අපයෝජනය කළ පොහොට්ටු අපේක්ෂකයෙක් අත්අඩංගුවට

0
7


අවුරුදු 14යි මාස 06ක් වයසැති පාසල් දැරියක දූෂණයට ලක් කිරීමේ චෝදනාවක් මත මෙවර පස්සර ප්‍රාදේශීය සභාවට, අංක 02 වැල්ගොල්ල කොට්ඨාශයෙන් තරඟ කරන පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකයකු වන වීරසිංහ මුදියන්සේලාගේ ජනක රුවන් වීරසිංහ නැමැත්තා පස්සර පොලිසිය විසින් අත් අඩගුවට ගෙන තිබේ.
සපුගස්මඩ, නිකේබැද්ද පැල්ගහතැන්න පස්සර යන ලිපිනයෙහි පදිංචි 34 වියැති සැකකරු ඊයේ (03) දින මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
දැරිය දූෂණයට ලක් වී ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරී විසින් තහවුරු කර තිබේ.
එම දැරිය විසින් සාක්ෂි ලබා දෙමින් පවසා ඇත්තේ, ඉහත කී “රුවන් මාමා” විසින් බලහත්කාරයෙන් දූෂණය කළ බවත් කාටවත් “මේ පිළිබඳ දැනුම් දෙන්න එපා. හොඳ ෆෝන් එකක් අරන් දෙන බවත්” පවසා ඇති බවය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here