දැරණියගල නායයෑමක් – වාහන ධාවනයටත් බාධා

0
16


දැරණියගල පොලිස් බලප්‍රදේශයේ 112බී පන්දාහා ගම ග්‍රාම නිලධාරී වසමට අයත් ප්‍රදේශයේ නායයෑමක් සිදුව තිබෙනවා .

දැරණියගල සිට මාලිබොඩ තලාව ප්‍රදේශයට යන ප්‍රධාන මාර්ගයට ගල් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගය මීටර් 50ක පමණ හානි වී ඇති බවයි වාර්තා වන්නේ .

අප වාර්තාකරු පැවසුවේ කඩා වැටුණු ගල් මාර්ගයේ රැඳී තිබීම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි .

නායයෑමෙන් අසල තිබූ නිවසකට හානි සිදුව ඇති අතර, එම නිවසේ සිටි පුද්ගලයෙක් සුළු තුවාල ලබා මේ වනවිට දැරණියගල රෝහලට ඇතුළත් කර තිබෙනවා .



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here