“දැන් මාලිමාවක් නෑ! තියෙන්නේ ජේ.වී.පී. එක! මාලිමාවේ ප්‍රබලයෝ අයින් වෙන්නේ ඒකයි…” – මාලිමාව හදන්න මුල්වූ නිර්මාල් දැන් කියන කතාව! Sri Lanka Latest News

0
28


ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දිලීප විතාරණ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පළකළ අදහස් පහත පළවේ. Sri Lanka Latest News

‘දිලීප විතාරණ කියලා කියන්නේ මේ ආණ්ඩුවේ දැක්ම, ජාතික ජන බලවේගයේ දැක්ම සම්බන්ධ කතිකාව තුළ ඉතා වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරපු පුද්ගලයෙක්. විශේෂයෙන්ම පුනරුදය කියන අදහස යම්කිසි විදියකට සංකල්පගත කිරීම සම්බන්ධයෙන් දිලීප ඉතා වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරනු ලැබුවා. ඒ වගේම ඔහුට ආණ්ඩුව සම්බන්ධයෙන් විශාල පක්ෂපාතීත්වයක් තිබුණා. ඔහු ඉතාම ආශාවෙන් සහ කැපවීමෙන් යුතුව නිරත වෙලා සිටි ජාතික ප්‍රවාහන කොමිසමේ සභාපති තනතුරෙන් ඉල්ලා අස්වීම කියලා කියන්නේ ඒක සුළුපටු සිදුවීමක් ලෙස සලකන්න හැකියාවක් නැහැ. ඒ විතරක් නෙවෙයි ඔහු සාමාන්‍යයෙන් ජාතික ජන බලවේගයේ පිරිස්වලට, විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණේ අයට දිලීප සම්බන්ධයෙන් ගරුත්වයක් තිබුණා. මේ පසුබිම තුළ ඔහුට ඉල්ලා අස්වීමට සිදුවීම අනතුරු ඇඟවීමේ අවස්ථාවක් විදියට සලකන්න පුළුවන් ආණ්ඩුව සම්බන්ධයෙන් ගත්තාම.

ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ නායකත්වය තමයි මේ ආණ්ඩුව දේශපාලන වශයෙන් මෙහෙයවනු ලබන්නේ. මම හිතන්නේ ජාතික ජන බලවේගයේ විධායක සභාව ඇතුළු ව්‍යුහය මේ වනවිට යම්කිසි විදියකට නිෂ්ක්‍රීය වෙලා තියෙනවා. කෙසේ වෙතත් ජාතික ජන බලවේගය දුර්වල වීමක් සිද්ධ වෙලා තිබෙන බව පේන්න තියෙනවා. මම කලින් කියපු දිලීප විතාරණගේ අස්වීම මගිනුත් පේන්න තියෙනවා. දිලීප විතාරණ කියලා කියන්නේ ජාතික ජන බලවේගයේ ප්‍රධාන පෙළේ නියමුවෙක්. මම හිතන්නේ දැනට ජාතික ජන බලවේග ආණ්ඩුව කටයුතු කරන විදියෙන් ඒ අයගේ පදනම විශාල වශයෙන් දුර්වල කරගැනීමක් සිදුවෙලා තිබෙනවා. මම හිතන්නේ ඒක ජාතික ජන බලවේග ආණ්ඩුවේ පැවැත්ම සම්බන්ධයෙන් තරමක හානිකර තත්ත්වයක් බව තමයි කියන්න පුළුවන්.’



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here