දැන් ඉන්දියාවෙන් ඕන කෙනෙකුට හාල් ගේන්න පුළුන් – ඇමැති වසන්ත

0
4

වෙළෙඳපොළේ පවතින කීරි සම්බා හිඟයට ආදේශක සහල් ඉන්දියාවෙන් ආනයනය කිරීමට ඕනෑ ම පුද්ගලයෙකුට හැකි බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා කියයි.

ඒ අනුව, එක් ආනයනකරුවෙකුට සහල් මෙට්‍රික් ටොන් 1,040ක් ආනයනය කළ හැකි බව ද ඔහු  ‘මව්බිම’ පුවත්පතට පවසා තිබේ.

කීරි සම්බා වෙනුවට GR-11 හා කිරි පොන්නි යන ආදේශක සහල් ආනයනය කළ හැකි බවත් එය අප්‍රේල් 2 සිට අප්‍රේල් 30 දක්වා නැව්ගත කිරීම් කළ හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

ඒ අනුව, එම සහල් ප්‍රභේදය ගෙන්වීම සඳහා ගැසට්‌ නිවේදනයක්ද ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබේ.

මෙම සහල් ආනයනයේදී යම් හෙයකින් නැව් ප්‍රමාද වුවහොත් උපරිම මැයි 30 වන විට එම සහල් ලංකාවේ වරායෙන් ගොඩ බෑමට හැකිවනු ඇතැයි අමාත්‍යවරයා කියා සිටී.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here