දැනට ප්‍රතිපල නිකුත් කරපු ආයතන 268කින් මාලිමාවට තනියෙන් සභාව පිහිටුවන්න පුළුවන් 103ක් විතරයි! 145ක බලය සජබය ප්‍රමුඛ විපක්ෂයට! 20ක් සමවෙයි! බලය අල්ලන්න විපක්ෂය සාකච්ඡා අරඹයි!  I Sri Lanka Latest News

0
3


පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.Sri Lanka Latest News

මේ වනවිට පළාත් පාලන ආයතන 268ක ප්‍රතිඵල නිකුත්වී තිබුණ ද ජාතික ජන බලවේගයට පැහැදිලි බහුතර ආසන සංඛ්‍යාවක් හිමිවී ඇත්තේ පළාත් පාලන ආයතන 103ක පමණි.

තවත් පළාත් පාලන ආයතන 20ක විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ ජාතික ජන බලවේගය එකහා සමාන මට්ටමක පසුවෙයි.

කෙසේවෙතත් සෙසු පළාත් පාලන ආයතනවලට බහුතරය හිමිවී ඇත්තේ විපක්ෂයේ පක්ෂවලටයි.

මෙවැනි තත්ත්වයක් තුළ සභා පිහිටුවීමේදී ගැටලුකාරී තත්ත්වයක් මතුවෙනු ඇති.

පළාත් පාලන ආයතනවල තනි පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක තේරී පත්වන සභිකයින් සංඛ්‍යාව 50%ක් හෝ ඊට වැඩි වුවහොත් අදාළ පක්ෂයට හෝ කණ්ඩායමට සභාපති හා උප සභාපති නම්කර එවන ලෙස මැතිවරණ කොමිසම දැනුම්දෙනු ලබයි.

එහෙත් එසේ බලයක් නොගතහොත් ඊට මැතිවරණ කොමිසම මැදිහත් නොවී සභාපති හෝ නගරාධිපති පත් කරගැනීම අදාළ පළාත් පාලන ආයතනයේ සභිකයින්ගේ එකඟතාවයෙන් සිදුකරන බව සඳහන් වෙයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here